Archive for April, 2014

රජයේ සේවය පිණිසයි….
වසරක් දෙකක් නොව….
තිස් වසරක්….
දේව කාරියටත් වඩා උතුම්….
රාජකාරිය නිමා කර…
ජීවිතයේ සැදෑ සුව විදින අප්පච්චී….
මහමෙරක් බර ඇද්ද….
අප උස් මහත් කර…..
හිතේ සතුටින් ඉන්න අප්පච්චී….
අපිට අපිවත් අයිති නැති….
මේ ජීවිත ගමනේ….
සසරින් මිදෙන්න මගෙ අප්පච්චී….

Advertisements

වීදි නාටකය

Posted: April 24, 2014 in Uncategorized

ශ්රීට ලංකා පොලිසියේ තවත් ජවනිකා දෙකක් නොබෝදා රඟ දක්වන ලදී.මේ ජවනිකා දෙක සදහා නමක් නැතත් “රෑ දනියෙල් දවල් මිගෙල්” යන නම වඩාත් ගැලපේ යැයි මට සිතේ.මෙහි එන දර්ශන මුලින්ම රූ ගත කෙරුනේ කොළඹින් දුර බැහර හම්බන්තොට ප්ර්දේශයේ හා දෙවැන්න කොටුව දුම්රිය ස්ථානයේදීය.
හම්බන්තොට ජවනිකාවට තවත් අතිරේක රංගන සහය ලබා ගැනීමටද සිදුවිය.ඒ හම්බන්තොට නගරාධිපති වරයා හා ඔහුගේ ගෝලයින් පිරිසක්ය.මීට අමතරව සෙල්ලම් පිස්තෝලයක්ද යොදා ගන්නා ලදී.කොටුවේදී බැටන් පොලු සහිතව සිටියේ ලී කෙලි නැටුමකට මෙනි.කොටුවේ රඟ දැක්වීමේදී විද්දේ හාවාට වුනත් වැදුනේ පදුරකටය.ඒ වැඩ නිමවී ගෙදර බලා දුම්රියකට ගොඩවීමට පැමිණි අහිංසක මගියෙකිගී ඔලුවටය.දර්ශන දෙකම තිරගත වී අවසන්ය.මේ ප්රෙරක්ෂක ප්රරතිචර ලැබෙමින් පවතින කාලයයි.මා නොඉසිලිවත්ව බලා සිටින්නේ මේවාට සම්මාන ලැබෙනා තෙක්ය.

කලගුණ….

Posted: April 23, 2014 in Uncategorized

කන්න හොද නම් තලගොයා….
බැරිනම් ඌ කබරයා….
අහෝ ලංකා ක්‍රිකට්….
ගහන්න විතරයි….
කියන්න බෑ මොකුත්….
කට අරින උන්ට අපි….
ගේනවා ඉන්කවරි….
මයියා සංගා නෙවෙයි….
සේරටම එක හැන්ද….
උඹල ගැහුවත් කොතෙක්…
ලකුණු සේරම අපට…
කලගුනක් දන්නේ නෑ…
අපිට වැඩකුත් නෑ….
ගියදෙන් බල්ලට….
කියන ඔය ප්‍රතිපත්ති…
වැල යන පැත්තටම….
ගහනවා මැස්සකුත්….