වෙඩින් හය හතකත්, OBA දෙක තුනකත්
අපි සෙට් උනා තමයි බං
පහුගිය දේවල් රස කර කර කතා වෙලා
ගත කරපු පොඩි වෙලාවත්
කොච්චර සුන්දරද බං
ඉස්සර රූපෙ අද නැති උනාට
අපි සෙට් උන දවසට
තාමත් අපි ඉස්කෝලෙ යන දවස් වගේ බං
හම්බුන වෙලාවට කොහෙ කොහෙ යන්න
මොන මොන දේ කරන්න
අපි කතා උනාද නේද බං
ඒත් තාමත් ගියෙ එක ගමනයි
කරපු දෙයක් නෑ
මගෙත් උඹලගෙත් වැරද්දක් නෑ
අපි සේරම ජීවිත රේස් එකේ
උඩුගම් බලා පීනන්න හදනවා
ඒත් වෙලාවකට මට හිතෙනවා
මොකද්ද මේ ජීවිතෙ කියල බං
Archive for July, 2014
2
Advertisements
මා ඉපදුන දා පටන් සෙනහස නැත නිම්මා
කරුණා දයාවෙන් ඔවදන් පැවසූවා
තුටු කදුලැලි වැගිරුවා මගෙ දියුනුව දැකලා
මේ භවයෙම නිවන් දකිනව මගෙ අම්මා
රැය දහවල් දෙකේදිම ගත වෙහෙසූවා
දුක් අඩු පාඩු මාගෙන් දුරු කර වූවා
මගෙ ලෝකයේ විරුවා ලෙස ඔබ සිටියා
අප්පච්චී මතු භවයක බුදු වේවා
අපරාදෙ…
දන්නවානම් ඔයා නිවෙන්න කිට්ටු වුන පහනක් කියලා…
දානවා තෙල් ටිකක් වැඩිපුර…
ඇත්තමයි…..
පලමු වතාවට දැනුනි…
වචන නැමති පිහියෙන් …
ඇනුන විට වේදනාව…