Archive for April, 2015

Posted: April 29, 2015 in Uncategorized

දන්සලට ඇති සෙනග
පංසලට ඇයි නැත්තෙ
සසර ගිනි රුදුරුයි
කුසගින්නට වඩා
දැනුනොත් යම් දිනක
දන්සලේ ඇති සෙනග
පංසලේ හැමදාම

Advertisements

????

Posted: April 24, 2015 in Uncategorized

පැරීසියට උඩින් නැගෙන
හිරු මඩලෙන් වහන් වෙලා
මුවා වෙලා ගියොත් හොදයි
මම ඔබ වෙත බොහෝ දුරයි
හිම වැටෙනා කාලය තුල
එපා සීත නොදැනෙන්නට
උණුසුම ඔබ ලග රැදෙන්න
එපා ඇයව දමා යන්න
බක් මාසේ නැකත් දාට
කිරිබත් මේසය හදන්න
අවුරුදු කුමරිය වීලා
ඔබෙ නිවසට සිරිය දෙන්න
ෂේන් ගගේ රල රුදුරුද
අයිෆල් කුලුනට නැංගද
මේවා ගැන දැනගන්නට
අපිටත් දවසක් ඒවිද
නොආවාට අහිතක් නෑ
හිත් රිදුමක් ඇත්තෙම නෑ
හිනාවෙලා ඉන්නවා නම්
කොතැන වුනත් ඔබ හැමදින
මට මොනවත් නැතත් කමක් නෑ

වෙන්වීම

Posted: April 23, 2015 in Uncategorized

ආයෙත් දවසක
ඇසල මහේ
දියවන්නාවේ
එදා වාඩි උන පුංචි බංකුවේ
වාඩි වී ගෙන කතා කරන්නට
මම එන්නම් ඔයත් එක්ක
එක තත්පරයකට හරි
“අපි වෙන්වෙමු
මේක තමා ජීවිතේ හැටි” කියා
ඔය මට කියනා විදිය අහන්නට
මම එනවා සත්තමයි………..