Archive for December, 2015

Posted: December 29, 2015 in Uncategorized

බස් රියේ දුම්රියේ
තෙරපෙන සෙනග මැද
ගෑවුනොත් පිරිමියෙක්
ඔරවන නංගිලා
ඇදි තම තිසරපට
විසිකරයි
කොහෙවත් ඉන්න සුද්දෙකුට…

පින

Posted: December 21, 2015 in Uncategorized

සුපිරි වෙළදසලෙක
එක් පසක ඇති
ඇතුල්වීමේ ගේට්ටුව දෙපස
එක් කොනක මවක් ලොතරැයි අත තබාගෙන
විකුණමින් තම සිඟිති පුතු සමග
අනෙක් කොන පියෙක් සිඟිති දියණියක් සමගින්
හුරතල් කරමින් සෙල්ෆියක් ගන්නා අයුරු
දුටුවෙමි මීට දින කිහිපයකට පෙර
එහෙත් දුටුවේ හැබැහින්ම
පව් පින් අතර වෙනස…..

-සාගා-