Archive for March, 2016

හිතුවේ නෑ මම සිහිනෙකින් වත්
අතැර යන බව නුඹ ලඳේ
මගේ හිත බය කරන්නට මින්
පෙරත් කෙරුවා මේ ලෙසේ

ඉවසා ඉන්නට බැරිම වෙන්නැති
ලොවට සැඟවූ පෙම අපේ
කිසිම වරදක් නුඹේ නම් නෑ
ඒ සියල්ලම මගෙ අතේ

වේගයෙන් ගිය අතීතය දෙස
හැරී බලනා වෙලාවේ
මතක අතරේ තවම දුවනව
තනිව දුක්වන සිත මගේ

වර්තමානෙන් අනාගතයට
පදවා ගිය නෞකාව මේ
රුවල බිඳිලා සුනුවිසුනු වී
තනිවෙලා දිවි සාගරේ

තනි වුනත් මගෙ සිතට සතුටුයි
නුඹ හොදින් සැමදා නිසා
කොතැන සිටියත් තුටින් ඉන්නට
පතනවා දිවි ඇති තුරා….

-සාගා-