Archive for April, 2016

අදත් ආව උදෑසනම
කිරි වෙහෙරේ පාර ලගට
මල් කූඩය විකුනන්නට
වදින්න යන බැතිමතුන්ට

පහුගිය දින කිහිපයේම
ඇද හැලෙනා වරුසාවට
වැව පෝසත් වෙලා නිසා
නෙලුම් හිගයි විකුනන්නට

ගහෙන් වැටිල මියැදුනාම
අප්පච්චී ලොකු කෙලීගෙ
පහලොස් වසරකට කලින්
මම අවා වෙහෙර ලගට

පූරුවෙ කල පාපයකට
දුක් කරදර පැමිණුනාට
වෙහෙර දකින දකින වරෙක
හිත සුවපත් වේ නොදැනිම

බණ පද එක දෙක ඇහෙනව
පීකරයෙන් දාල තියන
ඈත දුරින් සිටියත් මම
හිතින් කිරි වෙහෙර වදිනව

නිවන මගෙන් දුර උනාට
දුක් කරදර වැඩි උනාට
අනේ සමිඳුනේ මම නං
බොහොම මනාපයි දහමට

-සාගා-

එදා වගෙ මතකයි

උඹ මෙලොව දුටු දවස

රජෙකුටත් වැඩි සතුට

දැනුනා මයෙ පුතේ

 

උඹේ හුරතල් කමට

එලි උනා මුලු ගෙදර

රෑ දවල් ගත උනේ

අපිටත් නොදැනීම

 

උඹෙ මුහුණ දකින විට

තුටු කඳුලු බර උනා

උඹ රජෙක් කරන්නට

මයෙ පුතේ මම හිතුව

 

කුලී වැඩ කරන මට

දෑතෙ කරගැට හුරුයි

මම විදපු දුක් ගැහැට

උඹට නම් නුපුරුදුයි

 

පහේ පංතියෙ ඉහල

ලකුණු උඹ අරගත්ත

නගරයේ විදුහලට

ඇතුලු වෙන්නට ලැබුන

 

කාලය ගතවුනා

උඹට වියදම සැරයි

ඒ නිසා අම්මත් උඹේ

කුලී වැඩ කරනවා

 

උසස් පෙල විබාගෙන්

ඉහලින්ම පාස් උඹ

එදා මම මයෙ පුතේ

ඇඬුවෙ වැඩි සතුටටම

 

ඉංජිනේරුවෙක් වුන

උඹ ගියා රට දාලා

මමයි අම්මයි උඹේ

මේ රටේ තනි උනා

 

එක වරක් දෙපාරක්

ඇවිත් යන්නට ගියා

පහුගිය දොහේ ඉදන්

තොරතුරක් නැති උනා

 

 

සිමියොන්ට දැන් සරුයි

පුතත් ඒරොප්පෙ නොවැ

හවස කඩමංඩියෙදි

කවුදො කියනව ඇහුන

 

උන් දන්න ඉටිගෙඩිය

අපට කොහෙ සරුවක්ද

තව ඇත්තේ තුන් මසයි

ගේ සින්න වී යන්න

 

-සාගා-

 

යථාර්තය

Posted: April 5, 2016 in Uncategorized

ආදරයට වඩා
බලගතු වෙලා පොරොන්දම
දැන ගත්තෙ මම නුඹෙන්
විටෙක පුදුමත් හිතෙනව
මේ ඉන්නෙ ඔයාමද
ඉර හඳ තියාගෙන
දුවන්නේ ඇයි ඔයා
කනමැදිරි එලි පස්සේ
දහසක් හේතු ඇති දැන් කියන්නට
යන නිසා
මම දන්න එක දෙයක්
කියන්නම් සෙනෙහසින්
රැයේ ගනදුර
පහව යයි හිරු එද්දි
මටත් ඒ ලොව දහම
පොදුයි අන් සැමට මෙන්……

-සාගා-