Archive for May, 2016

රතු රෝස පඳුරේ
තාම මල් පිපෙනවා
පිපෙන මල් දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

උදෑසන ගෙවත්තට
වළිකුකුලො ඇදෙනවා
රඟන උන් දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

කබරගල කඳු වැටිය
මීදුමෙන් වැසෙනවා
ඒ සිරිය දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

වත්ත මායිම දෙසින්
මහවැලිය ඇදෙනවා
ගං දියේ පීනන්න
මගෙ පැලට ඔබ එන්න

කඳු මුදුනෙ පන්සලේ
සමිදු වැඩ ඉන්නවා
මල් පුදන්නට යන්න
මගෙ පැලට ඔබ එන්න

රෑ නිදන යහනේ
තනිකමක් දැනෙනවා
තනිය නැති කරගන්න
මගෙ පැලට ඔබ එන්න

-සාගා-

මගතොටේදී ඇවිද යද්දි
ගියෝතින් නුඹ බිම බලන්
ඇහැක් වෙයි මට සේම අම්මට
ඇවිද යන්නට උඩ බලන්

ඒත් දෝනියෙ නොසැලකිල්ලෙන්
නුඹ ගියෝතින් උඩ බලන්
සිදුවන්නෙ බිම බලන් යන්නට
දුක් සුසුම් පොදි හිර කරන්

-සාගා-

ගල් ලෙනක් නොවුනාට
මේ විසල් මන්දිරය
ගල් ලෙනක් මට
ඇයි තාම නැත්තේ
කෝ මේ සිංහබාහු
හිරු නැගී එද්දිම
සිංහයා පිටවෙනව
ඇයි තාම නැත්තේ
කෝ මේ සිංහබාහු
එයි කියා සිතුවත්
හිතෙත් ඇත සැකයක්
සිංහයා නිදන්නේ
අනෙක් පැත්තට හැරිල

-සාගා-

එපා

Posted: May 13, 2016 in Uncategorized

වෙන්න නම් එපා
නුඹ
තවත් මනමේ කුමරියක්
අතීතයෙදී  මට මුන ගැසුන නිසා
මනමේ කුමරියක්
අසිපතෙන් ගෙල නොසිඳුනත්
ඊට වැඩියෙන්
රිදුම් දෙයි සිය දහස් වරයක්
ඒ නිසා
එපා වෙන්නට
තවත් මනමේ කුමරියක්…

-සාගා-

 

හමුවීම

Posted: May 10, 2016 in Uncategorized

කලා වැව පේන දුර
ගම්මානෙ අපි උන්න
කාලයක් තිබුන මට
සුන්දරව ගතවෙච්ච

හිටියෙ හරහට තත්වෙ
පෙමට ගොඩ නැගුන අපෙ
වැඩි කලක් නෑ ගියේ
සිහින බොඳ වන්න මගෙ

කරකාර බැන්දුවා
නොතාරිස් මාම නුඹ
මොටෝ රථයෙන් ආව
සිදාදියෙ ගැටයාට

දින සති මාස ලෙස
කාලය පියැඹුවා
වියපත්ව වැහැරි ගිය
මම අසරණ උනා

නගරයේ මඩමට
ආවා බැරිම තැන
පිහිටෙන් ගමේ හිටි
අපෙ මුල් ගුරුතුමට

මසකට කිහිප දවසක්
ඇවිත් යයි පිරිස් පිටතින්
විමසා බලා සුව දුක්
ගතකර දවස සතොසින්

එදා වැහි දවසක්
සිටියා පැමිණ පිරිසක්
ගල් ගැසුන මොහොතක්
දුටු රුවින් මම නම්

දූගේ උපන් දිනයට
දානය දෙන්න මඩමට
සිටියේ පැමිණ ඇය
පස් හය දෙනෙක් සමගින

ඈ දියණි සමගින්
දුන්නා දිවා අහරය
නිවුනත් කුසගින්න
හිතේ ගින්දර තාම එලෙසය…

-සාගා-