Archive for July, 2016

වෙස් නැටුමට ගල් ගැහුවට
දේවාලේ කාවඩියට
අපි නැටුවේ උඹල එක්ක
මතක නැද්ද මල්ලියේ
කාවඩියේ ඇති තාලය
වෙස් නැටුමේ නැති නිසාද
අත රැදි පොලු විසිකෙරුවේ
ඔලු පලන්න මල්ලියේ
සන්හිදියාවද මොකක්ද
කියල කියන්නේ මෙයටද
කිසිවක් වැටහෙන්නැති මට
කියල දියන් මල්ලියේ
නින්දෙන් ඇහැරුන වේලෙට
සිහිනය නැති වී යනවා
දන්නේ නැතිනම් දැන්වත්
වටහ ගනින් මල්ලියේ

-සාගා-

Advertisements

එන්න

Posted: July 12, 2016 in Uncategorized

ගිම්හානෙ පැමිණියත්
වෙනදා විදියටම
මගේ හිත පාලුයි
සිතාගන්නට බැරිව
වෙනදා පුරුද්දට මග බලා හිටියත්
නුඹ තාම ඇවිත් නෑ
ගිම්හානෙ අවාට
එලබෙන ශීතයටවත්
ඇවිත් යන්නට එන්න
සීතලට ගුලිවෙන්න
මට නුඹව ඕනෙ වෙයි

-සාගා-

ජේස්වරී

Posted: July 4, 2016 in Uncategorized

කූඩය ඉනේ බැඳ
හිමිදිරි පාන්දර
තේ දලු නෙලන්නට
යනවා වත්ත වෙත
හැලුනාට චුරු චුරුව
ඉදින්නට බෑ ගෙදර
කැපෙයි දවසේ පඩිය
නොගියොතින් අද වැඩ්ට
ණය තුරුස් නොබේරා
පැත්තෙ එන්නට එපා
ලැයිමෙ කෙලවර කඩේ
මුදලාලි කියනවා
මීනා ලොකු දූට
ඉස්කෝලෙ අදින්නට
තියනවා අද හෙටම
සුදු ගවුම මහන්නට
ජේස්වරී උඹ නිකන්
මොකට දුක් විදිනවද
මගෙ කාමරේ පැත්තෙ
ඇවිද පලයන් යන්න
ඉඩ තියන වෙලාවට
කංන්කානි මාතියා
එහෙම කීවාට මට
හිල් වෙච්ච වහල ඇති
ලයින් කාමරේ දුක
මටනම් සැපක්මයි
හුස්ම නැතිවෙනකම්ම

-සාගා-