මොරසූරන වැස්ස එක්ක දෙගොඩතලා ආ වතුරට
මගෙ කූඩුව කැඩිල ගියා සමන් දෙයියනේ
යන්න එන්න තැනක් නැතිව ගමේ තියන ඉස්කෝලේ
නොකා නොබී මම ඉන්නව සමන් දෙයියනේ
අතමිට සරු නැති උනාට අගහිගකම් වැඩිඋනාට
අපි හිටියේ හරි සතුටින් සමන් දෙයියනේ
එහෙව් අපිට මේ විපතක් උනේ අපේ පෙර පවටද
හිතාගන්නවත් බෑ මට සමන් දෙයියනේ
ලොකු පුතාට වසර දෙකයි පොඩි එකීට මාස හයයි
එවුන් තාම කිරිසප්පයො සමන් දෙයියනේ
මැරුණෙ නැතත් මම තාමත් දවස ගානෙ මියැදෙනවා
වාවගන්න නම් බෑ මට සමන් දෙයියනේ
වෙන්න තියන දේ ඔහොමයි වැලපෙන්නට එපා ඉතින්
හිතවත් අය මට කිව්වත් සමන් දෙයියනේ
ඒක කොහොම මම කරන්නෙ හිතාගන්න නම් බෑ මට
පිහිටක් මට වෙලා යන්න සමන් දෙයියනේ
-සගා-
05/06/2017
Advertisements