Archive for June, 2018

තහනම් මල්

Posted: June 25, 2018 in Uncategorized

 

 

දුර පිපුන තහනම් මල්
රොන් ගන්න ඉඩ දී
එන එන බඹරුන්ට
තහනම් කලේ ඇයි පෙම් කරන්නට
හැමදාම ලග සිටි සමනලයින්ට

කොතරම් බලා සිටියත්
බඹරුන්ට පමණයි අවසර
තහනම් රොන් ගන්ට
හැමදාම ලග සිටි සමනලයින්ට

-සගා-
25/06/2018

Advertisements

 

හරිම මහන්සියි මැසිම පාගලා අම්මේ
එකදිගට පැය දොලහක්
කෑමට පැය බාගයක් ඇරලා
දැනුයි ආවේ බෝඩිං කාමරේට

අදත් රෑට පාන් තමා ඉතින්
එන ගමන් හන්දියෙ කඩෙන් ගෙනාවෙ
මොකක් හරි හොද්දක් රත් කරගන්නවා
ඇගපත හෝදගෙන ටික වෙලාවකින්

මේ සතියෙ නම් නයිට් කලේ නෑ
ඒක නිසා ලොකු වෙහෙසක් මට නෑ
ලගකදි ලොකු නිවාඩුක් නැතිනිසා
අවුරුදු මාසෙම ගෙදරට එන්නම්

තාත්තා වකුගඩු ලෙඩේ දැන් කොහොමද
දිනේට හරියට බෙහෙත් ගන්නවද
අම්මගෙ තුනටිය තාම රිදෙනවද
නංගියි මල්ලියි හොදින් ඉන්නවද

දඩුමොණරෙන් යන කුරුල්ලො බෝමයි
සුරුවම් බානව ඇරයුම් එමටයි
අම්මගෙ ඔවදන් හොදටම මතකයි
පයින් ගමන මට තාමත් පුරුදුයි

-සගා-
22/06/2018

කුහක මල්

Posted: June 20, 2018 in Uncategorized

 

මලට විකසිත වන්න
වැල වෙහෙස වූ තරම
නොදන්නා සේ උන්නු
මුත් කුහක මල්

මුල මතක නැති නියගලා මලට
දවසක් තියේවි මුල මතක් වෙන

-සගා-
20/06/2018

අවනඩුව

Posted: June 18, 2018 in Uncategorized

 

නඩුකාර හාමුදුරුවනේ ඇත්තයි
අතඇරියා කඩුපාර ඔලුවටම
හන්දියට එහා ඇති
කදුරු ගස් ගොන්න ලග

ඌ මහ එපාකරපු
ගමටම පිළිලයක් වෙච්ච
මුලු දවස තිස්සෙම
කසිප්පු තොල ගාන
ගංජා සුරුට්ටුත් ඒ මදිවට උරන

මම ගොහින් උන්නෙ කුඹුරට වතුර හරවන්න
අපෙ උන්දෑ ඉස්පිරිතාලෙ අම්ම ලග ඇද ගාව
පොඩි එකා ගොහින් නොවැ සෙල්ලමට කැලේ ලග

ඌ තලපු මගෙ මලට තවම දහතුනක් වත්
වුනේ නෑ සත්තමයි නඩුකාර හාමුදුරුවනේ

දුකක් නෑ මයෙ හිතට දැන්
හිතින් මම මිය ගොහින්
අච්චු කෙරුවාට කාරි නෑ
නඩුකාර හාමුදුරුවනේ

-සගා-
18/06/2018

නික්මයෑම

Posted: June 17, 2018 in Uncategorized

නික්මයෑම
=========

ඉදින් නික්ම යමි
සියපතක් නැති මල් විලේ
සියපත් වැනි ජබර මල් ලග
රැදෙනු කිම….

-සගා-
17/06/2018

වන බඹරු

Posted: June 16, 2018 in Uncategorized

සුවද දී පිපුන ඒ
මලෙන් රොන් ගත් බඹරු
ආයෙමත් එයි කියා
පරව යන ඒ මලම
තනිව මග බැලූවත්
ආවෙ නම් නෑ යලිත්
රොන් ගත්ත බඹරින්දු…

-සගා-
15/06/2018

බොරුකාරයා

Posted: June 15, 2018 in Uncategorized
තොල්පෙති පාටකර
ඇහිබැම,පිහාටු මොඩිෆයි කර
නිය මත ගල්වා ආලේපන
පුයර පිරි මුහුණද සමගින්
විලවුන් සුවද ගල්වා
සර්වාංගයම බොරුවෙන් වැසූ ඔබ
මට කියනවා
මමලු බොරුකාරයා……
-සගා-
15/06/2018