වෙළද කලාපේ දියණියගෙන් අම්මාට

Posted: June 22, 2018 in Uncategorized

 

හරිම මහන්සියි මැසිම පාගලා අම්මේ
එකදිගට පැය දොලහක්
කෑමට පැය බාගයක් ඇරලා
දැනුයි ආවේ බෝඩිං කාමරේට

අදත් රෑට පාන් තමා ඉතින්
එන ගමන් හන්දියෙ කඩෙන් ගෙනාවෙ
මොකක් හරි හොද්දක් රත් කරගන්නවා
ඇගපත හෝදගෙන ටික වෙලාවකින්

මේ සතියෙ නම් නයිට් කලේ නෑ
ඒක නිසා ලොකු වෙහෙසක් මට නෑ
ලගකදි ලොකු නිවාඩුක් නැතිනිසා
අවුරුදු මාසෙම ගෙදරට එන්නම්

තාත්තා වකුගඩු ලෙඩේ දැන් කොහොමද
දිනේට හරියට බෙහෙත් ගන්නවද
අම්මගෙ තුනටිය තාම රිදෙනවද
නංගියි මල්ලියි හොදින් ඉන්නවද

දඩුමොණරෙන් යන කුරුල්ලො බෝමයි
සුරුවම් බානව ඇරයුම් එමටයි
අම්මගෙ ඔවදන් හොදටම මතකයි
පයින් ගමන මට තාමත් පුරුදුයි

-සගා-
22/06/2018

Advertisements
Comments
  1. priya perera says:

    අන්තිම කවිය ඇඟටම වැදුනා. අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලේ බොහොම අග හිඟ එක්ක හිටියත් පස්සෙ අළු ගසා දාලා නැගිට්ට මගේ යාළුවෙක් අපේ අයියා රට යන දවසේ කටුනායකින් එයා ඇරලලා එද්දි දැක්කා, දඬු මොනරෙන් මේ විදියටම කිරිල්ලියො බා ගන්න යනවා. අවුරුදු ගාණකට කලින් අපේ බැචියො හිටියෙත් මේ විදියම බෝඩිම් වල තමයි. ඒත් උන්ගෙ කරදර තාවකාලිකයි. මේ කෙල්ලන්ගෙ කරදර මැකෙන්නෑ. ඒ කොහොම වෙතත් ඒ කාලෙට වඩා දැන්නම් කෙල්ලන්ට ඕන නම් හැදෙන්න පුලුවන් තත්ත්වයක් තියන බව පේනවා. ඒක සතුටක් ඒ කොහොම වෙතත් සල්ලාලයා බලන්නෙම ඇඟ දිහා මිසක් ජීවිතේ දිහා නෙවෙයිනේ.

    • සුනිල් එදිරිසිංහ මහත්තයා කියන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” කියන ගීතයත් මේ වගේ.අසරණ කමට ඇවිත් කලාපෙ මැසිම පෑගුවාට ගොඩක් තරුණියෝ මේ වගේ තමයි.සමාජය විසින්ම එයාලව මේ තත්වෙට දාලා තියෙන්නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s