Archive for August, 2018

 

දැකලා නෑ ඇත්තමයි
උඹ වගේ සහෝදරයෙක්
හම්බෙන්නෙ නැතිත් වෙයි
උඹ වගේ සහෝදරයෙක්
ගෙවෙන මේ ජීවිතේටම
“හිතුමතේ ජීවිතේ”

-සගා-
18/02/2018

Advertisements

 

ලෝකෙම දිනුවා කියලා හිතුනද බං
හොයාපු සැනසුම ලැබුනා හිතුනද බං
ජීවිතේම ඒකිද කියලා දැනුනද බං
මටත් ඉස්සරම ඔහොමම හිතුනා බං

හංගපු දේවල් උඹටත් තිබ්බද බං
ඒගැන කියන්න මම නම් දන්නෑ බං
තේරෙයි කල්‍ යයි මොනව කරන්නද බං
එතකොට පරක්කු කියලා හිතේවි බං

හිටියා එකටම පස් අවුරුද්දක් බං
සිදුවුන දේවල් කියල වැඩක් නෑ බං
මොනව වුනත් එක දෙයක් කියන්නම් බං
කොල්ලෙක් හින්දා උඹ නම් හෙන පව් බං

-සගා-
14/08/2018

 

මූසිල පරපුර

Posted: August 10, 2018 in Uncategorized

 

ටියුෂන් ගුරුවරයෙකු සිසුවියක ලැගුම්හලකට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරියි.
-පුවතක්-

හිතුවෙනෑ
මේතරම්
පිරිහිලා ඇතිබවක්
මූසිල පරපුර…

-සගා-
28/07/2018

වන අලියෙකු පහරදීමෙන් මියගිය සිය පියාගේ දේහයට දණ නමා වැද දියනියක් ශිෂ්‍යත්ව විභාගය ලිවීමට පිටත්වෙයි.
-පුවතක්-

 

කුඹුරට ගියේ වක්කඩ බැදලා එන්න
හිතුවේ නෑ වෙයි කියා මේ වැනි විපත්තිය
තනියා හිටියෙ ගුරු පාරේ එක් කොනක
කරගන්නට දෙයක් තිබුනේ නෑ මෙමට

දෝනිගෙ පහේ ශිෂ්‍යත්වය අනිද්දා
නැතිබැරි වුනත් ඒකී හරි උනන්දුවා
දවසක ලොව දිනන වග මා දැන උන්නා
ඒ හීනය තනියා පොඩිකර දැම්මා

මම නැති දුකින් වැලපෙන්නට එපා නුඹ
පුංචි උනත් උඹෙ සිත දැඩි කරගන්න
සාලේ නිදා ඉන්නා මට සමුදෙන්න
පලයන් දුවේ මුල් කඩයිම ජයගන්න

-සගා-
07/08/2016

දෙමලිච්චෝ

Posted: August 2, 2018 in Uncategorized

 

ගේදොරකඩ අඹ අත්තේ
වැස්සට තෙමෙනා දෙමලිච්චී
තාමත් තෙමෙමින් උඹ ඉන්නේ
ගෙයි දොර උඹටත් ඇරේවි කියලද
කාහරි අඩගසාවි කියලද දෙමලිච්චී

නොලැබෙන දේවල් ගැන තව හිතලා
මොකට තෙමෙනවද දෙමලිච්චී
උඹ වාගෙම වැස්සට තෙමෙනා
දෙමලිච්චෙක් අත්තක වහලා ඇති
හනිකට හොයලා ඉගිලීයන්
වැස්සට තෙමෙනා දෙමලිච්චී

-සගා-
01/08/2018