Archive for the ‘Uncategorized’ Category

*************

Posted: July 8, 2017 in Uncategorized

=============================
පියාගේ ලෙඩකට
ඖෂධ ලබාගන්නට
අතමිට නැතිව සරුවට
පුතා හොරකම් කලා බැරුවට

මත්වී සුරාවෙන්
මැතිදු වැටුනා සදලු තලයෙන්
ඇසිපිය හෙලන සැනයෙන්
සහන ලැබුනා නිරිඳු අරමුදලින්

එක ඇදක දෙන්නයි
ඇද යට තුන් දෙනයි
හැමතැනම එහෙමයි
රෝහල් තත්වෙ ඔහොමයි

සුව ඇමති නින්දේ
සිහින දකිනව සෙනග මැද්දේ
වරෙක ඇහැරී දාල සද්දේ
කටින් හිටවයි බතල නයිදේ

-සගා-
07/07/2017
=============================

=====================

Posted: June 11, 2017 in Uncategorized

මොරසූරන වැස්ස එක්ක දෙගොඩතලා ආ වතුරට
මගෙ කූඩුව කැඩිල ගියා සමන් දෙයියනේ
යන්න එන්න තැනක් නැතිව ගමේ තියන ඉස්කෝලේ
නොකා නොබී මම ඉන්නව සමන් දෙයියනේ

අතමිට සරු නැති උනාට අගහිගකම් වැඩිඋනාට
අපි හිටියේ හරි සතුටින් සමන් දෙයියනේ
එහෙව් අපිට මේ විපතක් උනේ අපේ පෙර පවටද
හිතාගන්නවත් බෑ මට සමන් දෙයියනේ

ලොකු පුතාට වසර දෙකයි පොඩි එකීට මාස හයයි
එවුන් තාම කිරිසප්පයො සමන් දෙයියනේ
මැරුණෙ නැතත් මම තාමත් දවස ගානෙ මියැදෙනවා
වාවගන්න නම් බෑ මට සමන් දෙයියනේ

වෙන්න තියන දේ ඔහොමයි වැලපෙන්නට එපා ඉතින්
හිතවත් අය මට කිව්වත් සමන් දෙයියනේ
ඒක කොහොම මම කරන්නෙ හිතාගන්න නම් බෑ මට
පිහිටක් මට වෙලා යන්න සමන් දෙයියනේ

-සගා-
05/06/2017

නුඹ ගලන ගඟක් මැයි
විටෙක නිසලව
විටෙක රුදුරුව
ගලායනවා
තවමත් ගලා යනවා
මගේ ජීවිත නිම්නයෙන්
සුන්දරව හැමදාමත්

-සාගා-

වරද කොතැනද

Posted: August 6, 2016 in Uncategorized

තල් අරඹේ මුර කුටියේ
ගිනි අවියක් දෑත දරා
සිටි මා නුඹෙ රුව දුටුවේ
අහම්බයෙනි සරෝජිනී

පිච්ච මලින් හිස සරසා
කුංකුම නලලත තවරා
ලැජ්ජාවෙන් හිස බරකර
කෝවිල් ගිය සරෝජිනි

කර්කෂ ගිනියම් පොලවේ
සිසිලක් අහලක නැත්තේ
නුඹ හෙලනා සුසුම් වලින්
මුසුවී හමනා මද නල
ගත වෙහෙසට දිව ඔසුවකි
මට සිතුනා සරෝජිනි

සිරුරෙන් ගලනා රුධිරය
පැහැයෙන් සම සම වූවත්
විසම ජාතියේ ඉපදුනෙ
පෙර පවටද සරෝජිනි

වරද කොහේ කොතැන වුනත්
ගමට වැටුන ෂෙල් වෙඩියෙන්
පසු විපරම් කර බැලුවත්
නුඹ ගැන තොරතුරක් නැතිව
හිත හැඩුවා සරෝජිනි

සරෝජිනීලා නුඹවගෙ
මේ ලොකේ කොතෙකුත් ඇති
කාට කොතැන වැරදුනාද
මම දන්නෑ සරෝජිනි

-සාගා-

වෙස් නැටුමට ගල් ගැහුවට
දේවාලේ කාවඩියට
අපි නැටුවේ උඹල එක්ක
මතක නැද්ද මල්ලියේ
කාවඩියේ ඇති තාලය
වෙස් නැටුමේ නැති නිසාද
අත රැදි පොලු විසිකෙරුවේ
ඔලු පලන්න මල්ලියේ
සන්හිදියාවද මොකක්ද
කියල කියන්නේ මෙයටද
කිසිවක් වැටහෙන්නැති මට
කියල දියන් මල්ලියේ
නින්දෙන් ඇහැරුන වේලෙට
සිහිනය නැති වී යනවා
දන්නේ නැතිනම් දැන්වත්
වටහ ගනින් මල්ලියේ

-සාගා-

එන්න

Posted: July 12, 2016 in Uncategorized

ගිම්හානෙ පැමිණියත්
වෙනදා විදියටම
මගේ හිත පාලුයි
සිතාගන්නට බැරිව
වෙනදා පුරුද්දට මග බලා හිටියත්
නුඹ තාම ඇවිත් නෑ
ගිම්හානෙ අවාට
එලබෙන ශීතයටවත්
ඇවිත් යන්නට එන්න
සීතලට ගුලිවෙන්න
මට නුඹව ඕනෙ වෙයි

-සාගා-

ජේස්වරී

Posted: July 4, 2016 in Uncategorized

කූඩය ඉනේ බැඳ
හිමිදිරි පාන්දර
තේ දලු නෙලන්නට
යනවා වත්ත වෙත
හැලුනාට චුරු චුරුව
ඉදින්නට බෑ ගෙදර
කැපෙයි දවසේ පඩිය
නොගියොතින් අද වැඩ්ට
ණය තුරුස් නොබේරා
පැත්තෙ එන්නට එපා
ලැයිමෙ කෙලවර කඩේ
මුදලාලි කියනවා
මීනා ලොකු දූට
ඉස්කෝලෙ අදින්නට
තියනවා අද හෙටම
සුදු ගවුම මහන්නට
ජේස්වරී උඹ නිකන්
මොකට දුක් විදිනවද
මගෙ කාමරේ පැත්තෙ
ඇවිද පලයන් යන්න
ඉඩ තියන වෙලාවට
කංන්කානි මාතියා
එහෙම කීවාට මට
හිල් වෙච්ච වහල ඇති
ලයින් කාමරේ දුක
මටනම් සැපක්මයි
හුස්ම නැතිවෙනකම්ම

-සාගා-