නුඹ ගලන ගඟක් මැයි
විටෙක නිසලව
විටෙක රුදුරුව
ගලායනවා
තවමත් ගලා යනවා
මගේ ජීවිත නිම්නයෙන්
සුන්දරව හැමදාමත්
-සාගා-
නුඹ ගලන ගඟක් මැයි
විටෙක නිසලව
විටෙක රුදුරුව
ගලායනවා
තවමත් ගලා යනවා
මගේ ජීවිත නිම්නයෙන්
සුන්දරව හැමදාමත්
-සාගා-
තල් අරඹේ මුර කුටියේ
ගිනි අවියක් දෑත දරා
සිටි මා නුඹෙ රුව දුටුවේ
අහම්බයෙනි සරෝජිනී
පිච්ච මලින් හිස සරසා
කුංකුම නලලත තවරා
ලැජ්ජාවෙන් හිස බරකර
කෝවිල් ගිය සරෝජිනි
කර්කෂ ගිනියම් පොලවේ
සිසිලක් අහලක නැත්තේ
නුඹ හෙලනා සුසුම් වලින්
මුසුවී හමනා මද නල
ගත වෙහෙසට දිව ඔසුවකි
මට සිතුනා සරෝජිනි
සිරුරෙන් ගලනා රුධිරය
පැහැයෙන් සම සම වූවත්
විසම ජාතියේ ඉපදුනෙ
පෙර පවටද සරෝජිනි
වරද කොහේ කොතැන වුනත්
ගමට වැටුන ෂෙල් වෙඩියෙන්
පසු විපරම් කර බැලුවත්
නුඹ ගැන තොරතුරක් නැතිව
හිත හැඩුවා සරෝජිනි
සරෝජිනීලා නුඹවගෙ
මේ ලොකේ කොතෙකුත් ඇති
කාට කොතැන වැරදුනාද
මම දන්නෑ සරෝජිනි
-සාගා-