උතුවන්කන්ද පාමුල

Posted: July 20, 2018 in Uncategorized

මේ සිතුවිලි මා හට පහල වූයේ පසුගිය දිනක නාවලපිටියේ සිට කොළඹ බලා දුම්රියෙන් පැමිනෙමින් සිටියදීය.කඩුගන්නාව සහ බලන අතර පොඩිමැණිකේ ඉදිරියට ඇදෙද්දී වම්පසින් උතුවන්කන්ද පැරණි අතීතය තුරුලු කරගෙන තේජාන්විතව ඉන්නා සෙයක් මට හැගිනි.
හිතට නැගුන සිතුවිලි අකුරු කරන්නට දින කිහිපයක් ගතවිය.කාර්‍යබහුලත්වයද, අමතකවීමදැයි මට නොවැටහේ. තවමත් කවි ලෝකයට සුහුඹුලෙක් වන මාගේ කවිපද ඔබට රසවිදීමට හැකිදැයි මම නොදනිමි.එහෙත් හිතට නැගෙන සිතුවිලි අකුරු කිරීම ඒවා සිතේ තබාගෙන සිටිනවාට වඩා සුදුසු යැයි මට හැගේ.

හටන් කොරලා බැරිම තැන
පර සුද්දන්ගෙ විලංගු වැටුනට
මම්මලේ…
තාම උතුවන්කන්ද පාමුල
බලාගෙන ඇති බං මේනකා

නඩුත් අහලා අච්චු කරලා
කොල නැති ගහට අපි දක්කයි ලගදීම
ඒත් උතුවන්කන්ද පාමුල
බලාපොරොත්තුව හිත තියාගෙන
මම්මලේ …
බලාගෙන ඇති බං මේනකා…

සගා
20/07/2018

Leave a comment